Sunday, April 17, 2011

දරා ගන්න බැරි තරම් විදවනවට වැඩිය මැරෙන එක හොද නැද්ද

                               
       උඩ මාතෘකාවට ගොඩක් දෙනෙක් එකග වෙන්නේ නැති වෙයි..ඒත් මේ දවස් ටිකේම මගේ ඔළුවෙ කැරකෙන්නේ මේ ප්‍රශ්නේ..ජිවිතෙන් පැනලා යන එක හරි වැඩක් නොවෙන බව මාත් පිළි ගන්නවා..ඒත් ඒ ජිවිතේ දරා ගන්න බැරි තරම් දුක් ගොඩක් නම් ඒ ජිවිතෙන් නිදහස් වීමේ අයිතියක් නැද්ද මනුස්සයෙකුට...මම කියන්නෙ පුංචි පුංචි ප්‍රශ්න වලට බයේ ජිවිතෙන් පැනලා යෑමක් නෙමෙයි...කවදාවත් විසද ගන්න බැරි ප්‍රශ්න එක්ක ජිවිත කාලෙටම ජිවත් වෙනවට වඩා මැරෙන එක හොද නැද්ද?.. මම කියන දේට කවුරුත් එකග වෙන්නෙ නැති වේවි..
                                    ඒත් මම පුංචි සිදුවිමක් කියන්නම්..මේක මම දැක්කේ මගේ සුපුරුදු නවාතැනක..ඒ කියන්නේ ඉස්පිරිතාලෙදි... මගේ ඇදට ඉස්සරහ ඇදේ හිටියා පොඩි මල්ලි කෙනෙක්.. එයාටත් තිබුනේ මගේ අසනිපෙමයි.. වෙනසකට තිබුනේ එයාට උපතේදිම ඒක බලපාලා තිබුන එක..ඒ වගේම එයාට ඒක ගොඩක් දරුණු විදිහට බලපාලා තිබුනා..මේ අසනිපේ ගැන කිව්වොත් ඒක බලපාන්නේ අස්ථි වලට.. ඒ කියන්නේ අස්ථි ඉක්මනින් බිදෙනවා.පුංචි ගැස්සිමක් ඇතිවුනත් අතක් පයක් කැඩෙනවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි..ඒත් ඒක ඇත්තක්.. වාසනාවකට වගේ උපතින්ම මට ඒ අසනිපය මතු නොවුන නිසා ගොඩක් දරුනු විදිහට බලපැවේ නැ. ඒත් ඒ මල්ලිට ඒක බලපාලා තිබුනා.. ඒ වෙනකොට එයාගේ කකුල් දෙක හය තැනකින් බිදිලා තිබුනා. ඒක වෙලා තිබුනේ එයා පඩිපෙලක් බහිද්දි ඇතිවුන ගැස්සිමක් නිසා... එදා ඒ පුංචි එකා කොයි තරම් වේදනාවක් වින්දද කියලා කාටවත් හිතා ගන්න බැරි වේවි..පොඩ්ඩක්වත් හෙලවෙන්නවත් බැරිව විදපු වේදනාව මම දැක්කා.. එයාගේ වයස අවුරුදු 5ක් විතර ඇති..ඔහු මුස්ලිම්..එනිසා මට තේරැනේ නැ එයා අඩමින් කැ ගගහා කිවේ මොනවද කියලා ඒත් එයාගේ අම්මා එයාගේ ඒ වචන නවත්තන්න ලොකු උත්සහයක් ගත්තා..ඇයත් අඩමින් හිටියේ..මම පස්සෙයි දැන ගත්තේ එයා මොනවද කිවේ කියලා...ඔහු කියලා තිබුනේ  අනේ දෙවියනේ මාව ඔයා ලගට ගන්න.මට තවත් අඩන්න බැ.... ඒතරම් පුංචි එකෙක් මරණය ඉල්ලලා අඩනවා මම දැක්කේ පලවෙනි පාරට...කියලා. ජිවිතේ තියෙනකන්ම මේ දුක විදින්න වෙන බව ඔහුත් මමත් හොදින්ම දැනගෙන හිටියා.. ඒ වෙනකොට මමත් උන්නේ කැඩුනු අතකුත් එල්ලගෙන..අවුරුද්දක් තිස්සේ මම ඒ කැඩුනු අතින් වැඩ කලා..වේදනාව තිබුනට මම දැනන් හිටියෙ නැ අත කැඩිලා කියලා..මොකද ඒ තරම්ම වේදනාව කියන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුන නිසා..ඒ කැඩුනු අතිනුයි මම සාමාන්‍ය පෙල ලීවේ...එදා ඉදන් මේ වෙනකන් කිපාරක් මේ විදිහට කැඩිච්ච අත පය එක්ක දුක් වින්දද කියලා මතක නැ..දොස්තරලා වුනත් අදටත් කියන්නේ ප්‍රතිකාරයක් නෑ කියලා..                           
                       මම ඔහු වගේම දුක් විදපු තවත් පුංචි පැටියෙක් හිටියා.. විශ්වාස කරනවද ඔයාලා එයාට අවුරුදු දෙකයි..එයාගේ අම්ම එයාට වඩා ගත්තේ කොට්ටයක් උඩ තියලා. එයාව අත් දෙකින් හයියෙන් අල්ලන්නවත් බැ ඒ තරම් ඉක්මනට අස්ථි බිදිලා යනවා. පොඩ්ඩක් හිතන්න ඒ වගේ ජිවිතයක් ගෙවන එක මොන තරම් අමාරුද කියලා...ඇයව ඒ වෙනකොට ඇතුලත් තරලා තිබුනේ කොන්දේ අස්ථි බිදිලා තිබුන නිසා. හිතා ගන්න පුළුවන්ද එයා මොනව කරන්න ගිහින් කොන්ද කඩා ගත්තද කියලා?. වෙන මොනවත් නිසා නෙමෙයි.කැස්ස නිසා ඇති වුන ගැස්සිමකින්... 
අකීකරු හිතත් ටිකෙන් ටික මේ තත්වෙට පත් වෙනවා...ඉතින් දැන් මේ ජිවිතේ ඇති කියලත් හිතෙනවා..  දැන් මදැයි විදෙව්වා...මේ ජිවිතේ  ජිවත් කරවන්න වෙර දිපු අයත් දැන් ඇද වැටිලා... කොයි තරම් හිත හයිය කර ගත්තත් මේ ජිවිතෙත් එක්ක හැප්පිලා දැන් හරි මහන්සියි..ජිවිතේ තිබුනු අරමුණු හැම දෙයක්ම සේදිලා ගිහින්.. ඉතිරි එකම අරමුණක් විතරයි... තාමත් හිත යට පොඩි හයියක් ඉතිරි වෙලා තියෙනවා...ඒකත් නැති වුන දාට......................

 meka kiyewma matath hena duka hituna. mea blog eka krnne girl kenek. eyage kakul deka disbl
api ape jiwtha dukak kiya kiya ohe inakota. jiwithe aththatama dukak wuna aya a duka amathaka karla santhosen jiwath wenna hadanawa but api............

me eyage blog eka


No comments:

Post a Comment