Sunday, April 17, 2011





මේක 100%ම ඇත්ත කතාවක්. සියලු සිදුවීම් සත්‍යයි.. 


මුලින්ම කියන්න ඕන සැබෑ ආදරවන්තයෝ තමුන්ගේ ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි.. ජීවිතය පුජා කරන්න වුනත්.. හැබැයි ඒ කැක්කුම පපුවට දැනෙන්නේ ඇත්තටම ආදරය කරන අයට විතරයි.. මගේ කතාව දිගටම කියෙවුවොත් හැමෝටම තේරෙයි අපි සැබෑ ජීවිතයේදී සිදු නොවෙන පොත් වල විතරක් සිදු වෙනවා කියල හිතාගන ඉන්න කටුක සිද්ධි ගොඩකට මායි Mrs Geniusයි ඇත්තටම මුණ දීල තියනවා.. ඒවගේම අපි ඒවා ජය අරගන අද වෙනකල් බොහොම ආදරයෙන් ඉන්නවා.. මං මුල ඉඳල කතාව පටන් ගන්නම්.. කතාව නම් ටිකක් දිගයි.. මොකද 2003 ඉඳල වුන දේවල් තියනවා කියන්න.. ඒ වගේම මතක තියාගන්න මේකේ නම් මන:කල්පිතයි, ඒත් මේ නම් අපේ ඇත්ත නම් වල තියන කොටස්. ඔන්න එහෙනම් කියවන්න පටන් ගන්න..

Genius89: චතුරංග
Mrs Genius: හංසිකා


අපි මේ කතාව පටන් ගන්නේ 2003 න් එතකොට මං 9 වසරේ.. කුරුණෑගල තිබුන ප්‍රසිද්දම පිරිමි විදුහලේ තමයි මං ඉගෙන ගත්තේ.. අපේ තාත්ත රට ඉන්නේ අම්මයි මායි නංගියි තමා ගෙදර හිටියේ..
මේ කාලේ ඉතින් අපි චු කොල්ලොනේ.. ඒත් ඉතින් වැරදි වයසනේ.. අපේ කොල්ලෝ ඔක්කොම කෙල්ලන්ට බැල්ම දාන්නන පටන් ගත්ත කාලේ.. ඉස්කෝලෙදි වැඩිය කල්ලි ගැහෙන් නැතුව පාඩුවේ පැත්තකට වෙලා මගේ වැඩ ටික කරගන හිටපු ජාතියේ එකෙක් තමා මං.. ඒ නිසා මට වැඩිය යාළුවො හිටියෙත් නෑ.. ගයාන් කියල එකෙක් හිටිය ඒත් ඌ එච්චර ඉගෙන ගන්න දේවල් වලට උනන්දුවක් තියන එකෙක් නෙමේ.. (අදටත් ඌ මගේ යාළුවා..) ඒත් ඉතින් එහෙම හිටිය කියල මාත් ඉතින් කෙල්ලෝ දිහා නම් නොබලා හිටියේ නෑ.. ඒ වයසත් එක්ක එන ආක්ර්ශනේ නිසා.. ඒත් මං කෙල්ලන්ට පේන්න කෙල්ලෝ දිහා බැලුවේ නෑ එහෙම බලන්න මං ලැජ්ජයි.. ඔය කාලේ මං ක්ලාස් වලට ගියෙත් නෑ. කොහොම හරි 2003 අග වාර විභාගේ ලිවට පස්සේ 2004 මං 10 පන්තියට යන්නේ. ඕ ලෙවල් වලට ලං වෙන නිසා අම්ම කිව ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි වලට ක්ලාස් හොයාගන්න කියල.. අපේ ගෙදර එහාපැත්තෙ හිටියේ කුරුණෑගල ප්‍රසිද්ධම ගණිත ගුරුවරයෙක්.. අපේ අම්ම ඒ සර්ට කතා කරලා මාව ඒ ක්ලාස් එකට දැම්මා.





2 කොටස



ක්ලාස් එක තියෙන්නේ බදාදා හවස මාත් ඉතින් බස් එකේ ටවුමට ගිහින් බැහැල ක්ලාස් එක තියන තැනට ගියා.. ඊට පස්සේ පන්තිය ඇතුලට ගිහින් වාඩි වෙන්න තැනකුත් හෙවුවා.. ඇතුලේ කෙල්ලෝ විතරමයි හිටියේ.. ක්ලාස් පටන් ගන්නකල් කොල්ලෝ තුලට එන්නේ නෑ. මං කෙල්ලෝ ගොඩ මැද්දෙන් ඉස්සරටම ගියා, එදා සර් කිවේ ඉස්සරහටම ඇවිත් වාඩි වෙන්න කියල ඔක්කොම කෙල්ලෝ මං දිහා බලනවා මං බිම බලාගන ඉස්සරහට යනකොට ඇස් කොනෙන් දැක්ක දැකල පුරුදු මුණක්. මං බැලුවම අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මං දිහා බලන් ඉන්නවා. මං ටක්ගාල බිම බලාගත්ත.. ඒත් එය මං දිහා අමුතු විදියට බලන් හිටියේ.. ඒ කෙල්ල කුරුණෑගල ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ළමයෙක් අපේ සර් උගන්වන්නෙත් ඒ ඉස්කොලෙමයි.. කොහොම හරි ඉතින් ඔහොම මං සති පතා ක්ලාස් ගියා.. ඔය වගේ 2004 ඉවර වෙලා 2005 ත් ආවා.. අපි දැන් 11 ඉන්නේ. මේ කාලේදී මට තේරුණා කුරුණෑගල ප්‍රසිද්ධම බාලිකා ඉස්කෝලේ කෙල්ලෙක් මං දිහා වැඩිපුර බලනවා කියල.. එයාගේ නම් පවිත්‍රා. එයා අපේ දහම් පාසලටත් එනවා, දහම් පාසලෙත් අර වගේම තමයි.. ඒත් මං වැඩිය ගණන් ගත්තේ නෑ..

3 කොටස

අපේ ඉස්කෝලේ ඔය කාලේ තිබුන නාට්‍ය තරගයක්.. අපේ යාලුවෙක් හදපු නාට්‍යයේ පසුතල නිර්මාණය හදන්න මට බාර දුන්නා.. 2005/8/8 අපේ නාට්‍ය වේදිකා ගතකලා.. ඒ සතියම නාට්‍ය 36 පෙන්නුවා ඉස්කෝලේ. 2005/8/12 රෑ තමයි අපේ සම්මාන ප්‍රධාන උත්සවය තිබ්බේ, එදා අපේ නාට්‍ය හොදම නාට්‍ය වුනා වගේම හොදම පසුතල නිර්මාණය සම්මානේ හම්බුනේ මට..





එදත් අර පවිත්‍රා ඇවිත් ඉන්නවා මං දැක්කා.. දැන් නම් දහම් පාසලේදී මාව දැක්කම එයාගේ නැටිල්ල වැඩියි වගේ මට දැනුන ඒත් ආසාවට වඩා බයක් තිබුන මට කෙල්ලෝ එක්ක කතා කරන්න. ඒ වගේම ඒ කෙල්ල හෙන කොටයි අඩි 5 ක් විතර උස ඇති මං අඩි 5'9'' ක් උසයි මට ඒකි පෙන්නේ කුරුමිට්ටියක් වගේ  ඒ නිසා එයා ගැන හිතන්නවත් මට හිතුනේ නෑ..

එක සතියක මට ක්ලාස් යන්න බැරි වුනා. ඊලග සතියේ අගහරුවදා වෙනකොටත් මං මග අරුණ නොට් එක ලියල තිබුනේ නෑ.. අගහරුවදා හවස මං හන්දියට බයිසිකලේ යනකොට අර අපේ ගෙවල් පැත්තේ ඉන්න ගෑනු ළමය ක්ලාස් ඉවර වෙලා පයින් එනවා ඒත් මං දැක්කේ නෑ වගේ ගියා.. මට මෙයා එක්ක කතා කරන්න අමුතු ආසාවක් ආවා එයාගේ ඇස් 2 හරි ලස්සනයි එයාට තිබ්බේ බළල් ඇස්.. මට ඒ ඇස් බලන්න තමයි ආසාව තිබ්බේ.. ඒ නිසා මං ආයි බයිසිකලේ හරවගන ගිහින් "හංසිකා.." කියල එයාට කතා කලා.. මං කිව ගියසතියේ මං ක්ලාස් ආවේ නෑ මට නොට් එක දෙන්න පුලුවන්ද, මං තව ටිකකින් ඔයාලගේ ගෙදරට එන්නම් කියල.. එය කිව "මං දෙන්නම් චතුරංග" කියල..

එයා මගේ නම් කියද්දී මට මොනවද වුනා වගේ.. මොකද කෙල්ලෙක් දිහා නොබලන, කතා නොකරන මගේ නම එයා දන්නවා.. එදා එයාගෙන් පොත ඉල්ලගත්තට මං නොට් එක ලිවේ නෑ.. එයාගේ ලස්සන අකුරු දිහා බල බල මං හිටිය.. හැබැයි ඇස් දිහා බලන්න ගිය මට හංසිකාගේ ඇස් දිහා බලන් කතා කරන්න නම් බැරි වුනා..

පහුවෙනිදා මං ක්ලාස් එකේදී එයාට පොත ගිහින් දුන්නා.. එතකොට පවිත්‍රා පුදුමෙන් වගේ ඒක බලාගන හිටියේ..

4 කොටස

කොහොමින් කොහොම හරි ඔහොම කාලය ගත වුනා.. මං ක්ලාස් එකේදී හංසිකා දැක්කම හිනා වෙනවා, හොරෙන් එයා දිහා බලනවා, හැබැයි සමහර වෙලාවට නම් මං බලනවා එයාගේ අතටම අහුවෙනවා එතකොට මං බිම බලාගන්නවා..  අපිට විභාගේ තිබ්බේ 2005/12/12 මට මතක විදියට. ඒ වෙනකොට හන්සිකාගේ අම්මයි අපේ අම්මයි යාළුවො, 2005/12/11 රෑ අපේ ගෙදරට කෝල් එකක් ආවා.. ඒ හංසිකා.. එයා කතා කරලා මට විශ් කලා, මාත් විශ් කලා.. එක්සෑම් ඉවර වුනාට පස්සේ මං කල්පනා කලා උසස් පෙළ ගණිත අංශයෙන් කරන්න.

2006/5/1 අපේ තාත්තා නිවාඩුවට රට ඉඳල ආවා, ඒ එනකොට එයා මට නොකියා 7610 4න් එකකුත් අරන් ඇවිල්ල තිබුනා එදාම අපේ ප්‍රතිපලත් ආවා, මට ගණන් වලට ඒ එකක් තිබ්බා.. එදත් ඉස්සල්ලම් මට ගෙදරට කෝල් කලේ හංසිකා.. එයාටත් හොදම ප්‍රතිපල තිබුන නිසා ජීව විද්‍යාව කරනවා කිවා..





ඔය අතරේ 2006 නාට්‍ය තරගය සැප්තැම්බර් මාසේ තිබුනා ඒ අවුරුද්දෙත් හොදම පසුතල නිර්මාණය හම්බුනේ මට එදත් පවිත්‍රා ඇවිත් හිටියා.. එදා මං අදුරන මල්ලි කෙනෙක් ඇවිත් මගේ නම්බර් එක ඉල්ලුව මං දුන්නා ඊට පැය බාගෙකට පස්සේ ඉඳල මගේ 4න් එකට මිස්කෝල් එනවා.. සුබපතල මැසේජ් එකකුත් තිබුන. මට හිතුන අර මල්ලිගේ මාර්ගෙන් පවිත්‍රා මගේ නම්බර් එක ගත්ත කියල..ඒ වගේම මගේ අනුමානය නිවැරදියි කියල මට ටික දවසකින් තේරුනා..

5 කොටස

ටික දවසක් යනකල් මට මිස්කෝල් මැසේජ් එවුවට කවුද කියල පවිත්‍රා මට කිවේ නෑ.. මට 100% ෂුවර් නැතුව ඔය පවිත්‍රා නේද කියල අහන්න බෑනේ.. පස්සේ එයා කිව එයා පවිත්‍රා තමා කියල.. මේ වෙනකොට මට තේරුනා පවිත්‍රා මාව අල්ලන්න දැලක් තමයි මේ අටවන්නේ කියල.. මොකද ඒ කාලේ ඉඳලම පවිත්‍රා බාලිකා ඉස්කෝලෙකට ගියාට කොල්ලෝ එක්ක ආශ්‍රය වැඩියි.. මං එහෙම අයට කැමති නෑ.. කොටින්ම කියනවා නම් අපි කියනවා වගේ බඩු ටයිප්.. එහෙම කෙල්ලෙක් එක්ක මට යාලු වෙන්න බෑ..

ආදරේ කියන දේ දැනෙන්න ගත්ත කාලේ ඉඳල මං හිතන් හිටිය දෙයක් තමා ජීවිතේටම ආදරේ කරන්නේ එක පාරයි කියල.. ඒ නිසා මං හොයාගන්න කෙනා වෙන්න පවිත්රට කිසිම සුදුසුකමක් තිබුනේ නෑ..මං එයාට කිව මට ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න බෑ කියල ඒත් මට ගැලවිල්ලක් තිබ්බේ නෑ.. අන්තිමට එයා කිව එහෙනම් මගේ යාලුවෙක් වෙලාවත් ඉන්න දෙන්න කියල.. එහෙමවත් බේරෙන්න පුළුවන් එක ලොකු දෙයක් නිසා මාත් කැමති වුනා..

ඒත් ටික දවසක් යද්දී තේරුණා මෙයා මගේ අගේ ඉඳං කන කන්න හදන්නේ කියල.. ඒ කියන්නේ යාලුවෙක් වගේ ඉඳගන හෙමීට මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල අනිත් අයට අඟවන්න.. මගේ 4න් එකට හැමවෙලේම මැසේජ් එවනවා.. මට ක්ලාස් ඇරෙන වෙලාවල් වලට ක්ලාස් ලගට ඇවිත් කතා කරනවා.. මට ගැලවෙන්න විදියක් තිබ්බෙම නෑ..

2007 පෙබරවාරි ඉස්කෝලේ බිග් මැච් කාලේ.. මෙයා කිව මැච් එක බලන්න එක්කන් යන්න කියල.. එහෙම එක්කන් ගියොත් මෙය මගේ ගර්ල් කියල අනිවා රෙජිස්ටර් වෙනවා.. මං කිව මට බෑ කියල.. එයා කිව එය පිට්ටනියට එන්නම් මටත් එන්න කියල.. අන්තිමට මං කලේ මැච් එක බලන්න නොයා ගෙදර හිටපු එක..

මේ වෙනකොට මං මෙයාගෙන් ගැලවෙන්නේ කොහොමද කියල කල්පනා කරමින් හිටියේ,..

6 කොටස

මං ඔය අතරේ පවිත්‍රගෙන් ගැලවෙන්න මං රසායන විද්‍යා පන්තිය මාරු කලා. අලුත් පන්තියට ගියාම ඒකෙ හංසිකා හිටියා.. සුපුරුදු ලෙන්ගතුකමින්ම එයා හැමදාම මාත් එක්ක කතා කලා. මේ වෙනකොට පවිත්‍රා එයාගේ උත්සාහය 50% ම අතහැරලා තිබුනේ.. ඒක මගේ ඉගෙනීම් කටයුතු වලට ලොකු සහනයක් වුන.. මේ වෙනකොට 2007 මැයි මාසෙත් වෙලා.

ඔහොම යන අතර තුර 2007 ජුනි 1 හවස 3 ට විතර මං ගියා යාලුවෙක්ගෙ ගෙදර මොටර්සයිකලේ. ඒකාලේ මට ලයිසන් නෑ. එහෙ ගිහින් එනකොට හවස 4.30 ට විතර ඇති, අපේ ගෙවල් ලග ඉන්න කාලකන්නි (හරිහමන් රස්සාවක් නැතුව ගංජා ගහගන, අරක්කු බීගෙන මහපාරේ රස්තියාදු ගහන සෙට් එකක්) ටිකක් බිලා පාරේ පිස්සු නටනවා මට යන්න පාරේ ඉඩ ඕන නිසා මං හෝන් ඒක ගහල එතනින් ගියා ඒ යනකොට එකෙක් හූ කිව මට තිබ්බ තරහට බයික් ඒක ස්ලෝ කරලා පිටිපස්ස හැරිලා උන්දිහා ගේමට වගේ බලල ගියා

අපේ ගෙදරට අඩි 20 විතර දුරින් තුන්මං හන්දියක් තියනවා එතනදී මගේ යාලුවෝ දෙන්නෙක් හම්බෙලා මං උන් එක්ක කතා කර කර හිටිය විනාඩි 15 ක් විතර එතකොට බට්ටා වෑන් එකක අරුන් 4 දෙනෙක් එනවා උන් වෙන කාටද ගහන්න යන්න තමයි ඒ ඇවිත් තියෙන්නේ අපි ඉන්න තැන පහු කරගන ගිහින් මං ඉන්නවා දැකල වෑන් ඒක නවත්තල මට හූ කියපු ඒක කුණුහරප කියාගන මට ගහන්න ආවා මාත් බයික් ඒකෙන බැහැල හෙල්මට් එක ගලවල ගත්තා. ඌ මට ගහන්න අත උස්ස්නකොටම මං ගැහුවා හෙල්මට් ඒකෙන උගේ මුණට..

7 කොටස

ඌ හිතුවේ නෑ මගෙන් ඒ වගේ පාරක් වදියි කියල උගේ වෑන් ඒකෙ හිටපු අනිත් එවුනුත් මුගේ පස්සෙන් චන්ඩි වගේ ආවට මු කාපු පාර දැකල උන් ඉස්සරහට ආවේ නෑ මගෙන් පාර කාපු එකා විසිවෙලා ගිහින් එතන තිබ්බ තාප්පේ වැදුනා මටත් මගේ අතින් හෙල්මට් එක ඇත අරුනා.. ඒ වෙලේ තමා මං දැක්කේ අරුගෙන ඇහැ උඩ නළල ලොකුවට පැලිලා ලේ ගලනවා.

ඌ මට වඩා කොට එකෙක් මු ආයි නැගිටලා ආවා මාත් ඕන දේකට ලෑස්ති වෙලා හිටියේ ඒත් මට පාරක් ගහනවා වෙනුවට මු කලේ මගේ ඇගට පැන්නා.. මං උ‍ත් එක්කම වැටුනා. අපි දෙන්නම පාර දිගේ පෙරලිගන පොරබදනවා ඔහොම රෝල් වෙලා ගිහින් මු මගේ ඇග උඩට ආවා ඒත් මං උගේ අත් 2 අල්ලන් හිටපු නිසා උට මට ගහන්න විදියක් නෑ.. ඒත් එක්කම උ කලේ මගේ වම් කන ලග මුණ පැත්තෙන් හපාගත්ත තදටම.. ටිකක් වෙලා යනකොට මට දැනුන මු හපාගත්ත එක අතඅරින් නැතුව උඩට අදිනවා එතොට මටත් දැනුන ඒ හරියේ මගේ මුනේ හම ඉරෙනවා මගේ ලේ රස්නෙට මගේ කම්මුල දිගේ බේරෙනවා..

ඒක දකිනකොට උගේ සෙට් එක ඇවිත් උව ඇදල ගත්තා.. අපේ අම්මත් සද්දේ ඇහිලා එතනට දුවගන එනකොට අරු වෑන් ඒකෙ තිබ්බ හිස් බෝතලයක් කඩල අරගන අම්මට දික් කළා මං ආයි උට ගහන්න යනකොට මගේ යාලුවෝ මාව අල්ලගන අරුගේ යාලුවෝ අරුව අල්ලගත්ත. මගේ තුවාලේ දැකල එතනට ආපු දෙතුන් දෙනෙක්ටම කලන්තේ වගේ.. මගෙත් ලේ යන එක නතර උනේ නෑ. ඊට පස්සේ කට්ටිය මාව අරන් ඉස්පිරිතාලේ ගියා.

එතකොටම අරුවත් ඉස්පිරිතාලෙට ගෙනාව හදිසි අනතුරු වාට්ටුවේ උව දැම්මේ මගේ එහා පැත්තේ ඇදට. ඩොක්ටර් එන්න කලින් නර්ස්ල ලගට ඇවිත් උන දේවල් අහනවා හැබැයි නර්ස්ල දන්නේ නෑ අපි 2 වලිය දාගත්තේ කියල. ඉස්සල්ලම අරුගෙන් ඇහුව මොකද උනේ කියල ඌ කිව පොඩි ප්‍රශ්නයක් උන කියල.. ඊට පස්සේ නර්ස්ල මගෙන් ඇහුව මල්ලි මොකද උනේ කියල මං කිව එක්කෙනෙක් හපා කෑවා කියල උන්ට ඒකට හිනා ගියා.. ඇහුව බල්ලෙක්ද මිනිහෙක්ද කියල මං කිව මිනිහෙක් කියල උන් කියනවා එකා පිස්සෙකද කවුද ඒ ඇදුරන් නැති කෙනෙක්ද කියල, මං කිව අර එහා පැත්තේ ඇඳේ ඉන්න කෙනා තමා හැපුවේ කියල..

නර්ස්ල හිනා වේවි ගියා..

පස්සේ ජුනි 3 දවල් මගේ ටිකට් කැපුවා ඩොක්ටර් කිව තුවාලේ ලොකු වදියි මහන්න බෑ ඔහොම්මම වේලෙන්න දෙන්න කියල.. කොහොමත් ඒ තුවාලේ හොද වෙන්න මාස 3 ක් විතර ගියා මට දන ගන්න ලැබුන අරුටත් මැහුම් 6 ක් දැම්ම කියල.. ඒක මට නම් ලොකු ජයග්‍රහණයක්‌.. 
8 කොටස

ජුනි 3 දවල් 2 විතර වෙනකොට අපි ගෙදර ආවා. 2.30 වෙනකොට අපේ ගෙදර බෙල් එක ගහනවා ඇහිලා අම්ම දොර ඇරියා, හන්සියි එයාගේ අම්මයි ඇවිල්ලා.. එයාලනම් ආවේ මාව බලන්න නෙමෙයි මගෙන් පොතක් ඉල්ලන් යන්න..  එත් මට වුන දේ ගම පුරාම මහා ප්‍රචාරයක් ගිහින් තිබ්බ අර මදාවියට පොඩි කොල්ලෙක් ගහල කියල හැබැයි ඉතින් පස්සේ කලෙක මට දැනගන්න ලැබුනේ අරගොල්ලෝ ඇත්තටම ඇවිත් තියෙන්නේ පොත ගෙනියන්න නෙමෙයි මාව බලන්න, එත් කියන්න හේතුවක් නැති නිසා තමයි අර විදියට කියල තියෙන්නේ.. 

එයාල කතා කරලා ගියා ඒ යනකොට හංසි කියල ගියා පරිස්සමෙන් ඉන්න කියල..

එදා හවස මගේ ෆෝන් එකට මිස්කෝල් එකක් ඇවිත් තිබ්බ ටිගෝ නම්බර් එකකින්.. මං ආයි ඒ නම්බර් එකට කෝල් කරන්න ගියෙත් නෑ.. එත් ඒ නම්බර් ඒකෙන මැසේජ් ආවා මට හෙට ක්ලාස් එනවද? ඉස්කෝලේ එනවද කියල, මං මැසේජ් කළා ඔය කවුද? මං දන්නේ නෑ කියල. රිප්ලයි එනවා කෙල්ලෙක්ගෙ නමක් කියල එයා නෙමේද කියලා.. මං කිව නෑ කියල කොහොම හරි ඔය මැසේජ් කෙටිල්ල ඔතනින් නතර වුනේ නෑ.. එත් මට සැකයක් තිබ්බ කවුරු හරි මාව බයිට් එකට ගන්නවද? නැත්නම් අරු ෆෝන් එක මාර්ගෙන් ආයි මොකක් හරි ගේමකට සෙට් වෙන්න එනවද කියල..

9 කොටස

මට තිබුන සැකේ නිසා මට දැනගන්න ඕන වුනා මේ කතා කරන්නේ ඇත්තටම කෙල්ලෙක්ද? නැත්නම් අරුගේ වැඩක්ද? නැත්නම් පවිත්රාගේ අලුත් පියවරක්ද කියල...

මං මැසේජ් කළා මට ඔය එක්ක කතා කරන්න ඕන ෆෝන් එක ගන්න නැත්නම් මං මේ සිම් එක අයින් කරනවා කියල. එට පස්සේ මං කෝල් කලාම ආන්සර් කළා මං කතා කලාම ලස්සන ගෑනු කටහඬක් ඇහුනා, මට දැන් තියන්නත් ලෝබයි.. කොහොම හරි විනාඩි 2 ක විතර කතා කරලා තිබ්බා.. කතා කලාට අපි දෙන්නම හිටියේ ගොළු වෙලා..

ටික දවසක් යනකොට අපි මාර විදියට ලං වුනා, මං කිව මං ඔයාව හම්බෙන්න එන්නම් කියල එත් ඒකට එයාගේ කැමැත්තක් තිබුනේ නෑ. කොහොම හරි ඔහොම සති 3 ක විතර ගියා එයාගේ ගතිගුණ හොඳයි කියල මට හිතුනා මට ගොඩක් ආදරෙත් හිතුනා.. දවසක් අපි රෑ 12 විතර වෙනකල් මැසේජ් කළා ඔය අතර මං මගේ අදහස හෙමිට දැනෙන විදියට මැසේජ් කළා ඒවාට ආව පිලිතුරුත් සතුටුදායක ඒවා..  ඊට පස්සේ මං එයාගෙන් ඇහුව මට ආදරෙයිද කියලා..

කට්ටියටම හිතෙනවා ඇති මාර බොලදයිනේ මු. දැකලවත් නැති කටහඬ විතරක් අහපු කෙල්ලෙක්ට ආදරේ කරනවා කියල.. මටත් හිතෙනවා ඒක මහා බොළඳ වැඩක කියල.. එත් ඉතින්.............

10 කොටස

මට රිප්ලයි මැසේජ් එක ආවා.. ඒකෙ තිබුනේ "මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මගේ රත්තරන් කියල.." මට දැනුන සතුට කියල නිම කරන්න බැරි වුනා.. මටත් ඒ වෙලාවේ මතක් වුනේ ටයිටැනික් ෆිල්ම් ඒකෙ ජැක් නැව ඉස්සරහට ගිහින් කෑගහන්නේ "I am the King in the world" කියල.. මටත් එහෙම තමා දැනුනේ..

ඔහොම තව ටික දවසක් ගියා ඔය අතරේ තමා අපේ ඉස්කෝලේ විද්‍යා අංශයේ වරයිටි ෂෝ එක තිබ්බේ මායි තව යාළුවෙකුයි ඒකට භාතිය සන්තුෂ්ගේ "උන්මාදනී හැඟුනා" කියන සින්දුව ප්‍රැක්ටිස් කලා. එදා හවසත් අපි ප්‍රැක්ටිස් කරලා අපේ වෑන් එකෙන් මං යාළුවව ගෙදරින් බස්සල එන ගමන් හිටියේ එතකොට මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ඔයා මාව අමතක කරන්න කියල.. මට ඒ වෙලාවේ මොනවා උනාද දන්නේ නෑ.. මට පිස්සු හදුනා වගේ මං එයට කෝල් කළා එත් ගත්තේ නෑ.. මං හේතුව අහල මැසේජ් එකක් යැවුවම කිවේ එයාල වෙන රටක පදිංචියට යනවා කියල, මං කිව කමක් නෑ මං කවද හරි වෙනකල් ඔය වෙනුවෙන් බලන් ඉන්නම් කියල.. එත් එයා එකට කැමති උනේම නෑ.. එයාට ඕන උනේ මගෙන් වෙන් වෙන්න..

මට පිස්සු හැදුන වගේ.. මුළු ජීවිතේටම එක කෙල්ලෙකුට විතරක් ආදරය කරන්න හිටපු මට මොකද මේ වුනේ.. මං එයාට කිව මාව දාල යන්න එපා මං මේ වෑන් එක කොහේ හරි හප්පගන මැරෙනවා එතකොට ඔයා යන්න කලින් ඇවිත් මගේ මිනිය බලල යන්න කියල..

11 කොටස

එයා කොහොම හරි මගේ හිත හැදෙන්න මැසේජ් කරලා මාව ගෙදරට පරිස්සමෙන් යැවුවා. එත් කොහොමද මං හිත හදාගන්නේ.. මට නම් කරකියාගන්න දෙයක් නැතුව හිටියේ.. මං මාර මාර ඒවා කියල මැසේජ් කළා.. මං කියපු දේවල් වලට එයා බය වෙලා හිටියේ.. ඔහොම එදා පාන්දර 1.30 විතර වෙනකල් මං යන එන මං නැතුව හිටිය, ඔය අතරේ පාන්දර 2 ට විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා හන්සිකගේ ගෙදරින්.. 

මං බැලුව මේ පාන්දර කොහොමද මේ නම්බර් එකෙන් කෝල් එන්නේ කියල.. මං ආන්සර් කලාම හංසිකා කතා කලේ, එය ඇහුව මං මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ කියල.. මං ඇහුව ඔයා කොහොමද දන්නේ කියල.. ඒවා වැඩක නෑ කියල මෙයා මගේ හිත හැදෙන්න කතා කලේ ඔක්කොම දේවල් දන්නවා වගේ..

පස්සේ මං කල්පනා කළා හංසිකා කොහොමද මේ දේවල් දන්නේ කියල.. ඒ වෙලාවේ මට හිතුනේ අරයා හන්සිකගේ යාලුවෙක් එයාට මං ගැන කියල උදවු ඉල්ලගන්න ඇති කියල.. ඔය අතරේ හංසිකා මට නිතරම කතා කළා, හිත හැදුව, මං එයාටත් කිවේ මං මුළු ජීවිතේටම එක පාරයි ආදරේ කරන්න හිටියේ දැන් ඒ එක පාර ඉවරයි ආයි මට වෙන කෙනෙකුට දෙන්න ආදරයක් නෑ කියල..


12 කොටස

හංසිකා කියන්නේ බොහොම පිරිසිදු හිතක් තියන, කෙලින් වැඩ කරපු කතා කරපු කෙල්ලෙක්. එත් එයාට එකම එක වැඩක තිබුන කෙලින් වැඩ කරන්න බැරි..

2003 පලවෙනි වතාවට ගණන් ක්ලාස් එකට ආපු කොල්ලව දැක්කම එයාට එයාගේ ඇස් අහකට ගන්න බැරි උනා.. ඇස් විතරක් නෙමේ හිතත් ඒ කොල්ල ලග නතර වෙලා.. එත් මොනවා කරන්නද අමුතු ගති තියන කෙනෙක්, වැඩි කතා බහක් නෑ, යාලුවෝ වැඩිය නෑ, මෙච්චර එක ගමේ හිටියත් පාරකදී හම්බුනත් මුණ බලල හිනා වෙන්නේ නෑ.. එත් මේ ගතිගුණ වලට එයාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනා..

පේන විදියට නම් කෙල්ලෙක් යාලු වෙලත් නෑ, ඒක නම් හිතට සහනයක් උනා. එත් කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ඕනෑකමක් තියන බවක් පෙනුනෙත් නෑ, ඒක තමා එයා කොච්චර කෙලින් කතා කලත් කෙලින් කතා කරන්න බැරි එකම හේතුව වුනේ..

හන්සිකගේ යාළුවා අනු මේ හැමදේම දන්නවා, මේ දෙන්නම කාත් එක්ක වත යාලු වෙලා හිටියේ නෑ එත් අනුට නම් ලොකු අමාරුවක් තිබුන.. ඒ කොල්ලෙක් එක්ක යාලු වෙන්න නෙමෙයි කැමති වගේ පෙන්න පෙන්න කොල්ලෝ අවුස්සන එක.. හංසිකා මේ වගේ වැඩ වලට එච්චර කැමැත්තක් තිබුනේ නෑ.. ඔහොම යන අතරේ චතුරංග හොස්පිටල් ඉන්නවා කියල අනු හංසිකා මාර්ගෙන් දැනගත්තා..


14 කොටස

චතුරංග හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කන් එනකොට හංසිකා දැක්කා, එයා අම්මට කතා කරලා චතුරන්ගලගේ ගෙදර යමු කියල බලෙන් වගේ අම්මවත් ඇදගන චතුරංගගේ ගෙදර ගියේ එයාගේ මුණ ටිකක් බලාගන්න.

ඊට පස්සේ හවස් වෙනකොට එයාගේ කාමරේට වෙලා පාඩම කරනවවාගේ ඉඳගන චතුරංගගේ ෆෝන් එකට මිස්කෝල් එකක් ගහල මැසේජ් එකක් යැවුවේ..

දැන් කට්ටිය බලයි හන්සිකාට කොහෙන්ද චතුරංගගේ නම්බෙර් කියල.. 2007 පෙබරවාරි මාසේ දවසක චතුරංග හම්බුන වෙලාවේ ක්ලාස් ගැන දෙන්න කතා කර කර හිටියා ඒ වෙලාවේ පස්සේ විස්තර අහගන්න චතුරංග එයාගේ නම්බර් එක හන්සිකාට දුන්නා එදා දුන්න නම්බර් එක හංසිකා තියාගන හිටියේ.


ඔය විදියට ඊලට වුන දේවල් කට්ටිය දැන් දන්නවා.. කල යනකොට හංසිකා තේරුම ගත්ත චතුරංග කොහොම කෙනෙක්ද කියල.. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි.. හන්සිකාට තේරුණා චතුරංග තමුන්ට නෙමේ අර ෆෝන් එකෙන් මැසේජ් එවන කෙල්ලට ආදරේ කරන්නේ කියල.. මේ වෙනකොට මෙහෙම දෙයක් වෙයි කියල අනු හිතුවෙත් නෑ.. මේ නිසා අනු හන්සිකාව මගාරින්න ගත්ත. අන්තිමට හන්සිකට වුනේ මේ ප්‍රශ්නෙට තනියම උත්තර හොයන්න.. තමුන්ව මේ තැනට දාපු යාලුවත් දැන් මගාරිනවා.. චතුරංගගේ ජීවිතේ ගැන වගකීම 100% දැන් තමුන්ගේ පිට වැටිලා කියල තේරුනා, හන්සිකාට ඕන උනේ ෆෝන් කෙල්ලව චතුරංගගේ ජීවිතෙන් ඈත් කරන්න එහෙම කරන්න එයා කරපු දෙයින් වැඩේ තවත් බරපතල වුනා.. මේ ඔක්කොම නිසා හංසිකා හොදටම අසරණ වෙලා හිටියේ..

15 කොටස


චතුරංග මැරෙනවා කිවම හන්සිකට බය හිතුනා එක තමයි මහරෑ ඕන දෙයක් වෙන්න කියල කතා කලේ..

මේ වෙනකොට චතුරංග ට හංසිකා හෙමිට දැනෙන්න ඇරලා තිබුනේ දිගටම ෆෝන් එකට මැසේජ් මිස්කෝල් දුන්නේ, කෝල් කරලා කතා කලේ හන්සිකාම තමයි කියල.. මේ දේ අවසානයක් වෙන්නේ නෑ.. චතුරංග තමුන්ට කැමති වෙන පාටක් නෑ.. හංසිකා අනතවත් තේරුම් කළා ඔයා ඒ ආදරය කරපු කෙනා මං කියල.. ඒත් වැඩක වුනේ නෑ.. අවසාන වශයෙන් හංසිකා 2007 ජුලි 6 හවස මට කෝල් එකක් දුන්නා.. මාත් එක්ක ටිකක් වෙලා කතා කරලා කිව "මං ආයි ඔයාට කරදර කරන්නේ නෑ.. ඒත් මං ඔයාට අන්තිමට කියන්නේ මට ආදරේ කරන්න නෙමේ, කවදා හරි ඔයා ආදරේ කරන්න කෙනෙක් හොයාගන්නකොට ඔයා ආදරේ කරන කෙනෙකුට වඩා ඔයාට ආදරේ කරන කෙනෙක් හොයාගන්න, මං ආයි ඔයාට කරදර කරන්නේ නෑ, බුදුසරණයි" කියල


එදා මුළු රෑම මං ඔය කතාව ගැන කල්පනා කළා, මට තිබ්බ ගැටළු 2 ක් තිබුනා ඒ තමා හංසිකා මට හිටපු එකම, හොඳම යාළුවා. අනිත් එක මං උස වුනාට මහත නෑ.. ඒ කාලේ බර තිබ්බේ කිලෝ 46යි. (දැන්නම් කිලෝ 67ක් තියනවා ) හන්සිකයි මායි ගත්තම මං ඉරටුවක් වගේ.. එහෙම නොගැලපීමක් තියෙද්දී මං එයාට කැමති වෙන්නේ කොහොමද කියල.. මං මුළු රෑම මාත් එක්කම තර්ක කළා.. මොකද ෆෝන් කෙල්ලට ආදරේ කලේ එයාව දැකල නෙමේනේ.. ආදරේ කරන්න ඕන වෙන්නේ බාහිර පෙනුමත් නෙමේනේ.. ඊටත් වඩා.. එදා රෑ මට හන්සිකාගේ කටහඬ අහපු නැති එක ලොකු අඩුවක් වගේ දැනුනා.. මේ හැමදේම නිසා ජුලි 7 හවස වෙනකොට මට හංසිකා නැතුව මගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න බා කියන එක 100% ම දැනිල තිබුනේ.. මං එයාට මැසේජ් එකක් යැවුවා දිලිවර් වුනේ නෑ.. මොකද එයා ෆෝන් එකක් ගත්තේ මට කතා කරන්න, මැසේජ් යවන්න, මාත් එක්ක කතා නොකරනවා නම් එයාට ෆෝන් එක ඕන නැති නිසා එක ඕෆ් කරලා පහුවෙනිදා විකුනන්න දෙන්න තියාගන ඉඳල තියෙන්නේ.. පස්සේ මං එයාලගේ ගෙදරට කතා කරලා කිව ෆෝන් එක ඔන් කරන්න කියල.. මං මැසේජ් කළා රෑට කතා කරන්න ඕන කියල.. මං රෑ 11 ට එයාට කෝල් එකක් දුන්න එතකොටම එයා ෆෝන් එක ආන්සර් කළා..... 

16 කොටස

අපි දෙන්න ගොඩක් දේවල් කතා කළා.. මං ඔයේ මං කිව නොගැලපීම් එයා එක්ක කිව.. ඒ වගේම ඒවා වලට මං හොයාගත්ත උත්තරත් කිවා.. ඊට පස්සේ මං එයාගෙන් ඇහුවා මට ආදරෙයිද කියල.. ඒ වෙලාවේ එයාගේ ප්‍රතිචාරය ගැන කියල නිම කරන්න බෑ.. විනාඩි 15 ක් විතර ඇඩුව...  හරි අමාරුවෙන් ශේප් කරගත්තේ.. ඒ ගැන නම් කියල වැඩක් නෑ... කොච්චර සතුටු හිතෙන්න ඇතිද එයාට... මටත් එහෙම්මම තමා...


ඔහොම ඉතින් සති කීපයක් අපි සතුටින් හිටියා.. මට එයාට හංගන්න දෙයක් තිබ්බේ නෑ.. මං මගේ ජීවිත කතාව මුල ඉඳලම කිව, එයත් මට කිව.. ඒ වගේම අපි කවදාවත් අපි දෙන්නට කිසි දෙයක් හංගන්නේ නෑ, ඕනෑම පොඩි දෙයක් වුනත් කියනවා, කිසිම රහසක් තියාගන්නේ නෑ කියන මට්ටමට ඇවිත් හිටියේ..

එයා පවිත්‍රා ගැනත් දන්නවා.. පවිත්රාට ආරංචිය ගිහින් තිබ්බ මං හංසිකා එක්ක යාලු වෙලා කියල දවසක් හවස හංසිකා ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස හෝල්ට් ඒකෙ ඉන්නකොට පවිත්‍රා ආවලු එයාගේ යාලුවෙකුත් එක්ක ඇවිත් හන්සිකාට කතා කරලා කිවලු චතුරංග යාළුවෙලා ඉන්නේ මාත් එක්ක තමුසේ එයා අයිති කරගන්න එන්න එපා, වැඩිය ආවොත් චතුරංගගේ ඉස්කෝලේ කොල්ලන්ට කියල ගස්සවන්නේ කියල.. හංසිකා පවිත්රගේ පැත්තට හැරිලා දබර ඇඟිල්ල දික් කරලා කිව "චතුරංග මගේ! තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! " බස්‌ හෝල්ට් ඒකෙ හිටපු ඔක්කොම සීන් එක බලගන ඉඳල.. පවිත්‍රා යාලුවත් ඇදගන ගියාලු එතනින් පස්සේ බලාගමු කියල..



ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..


17 කොටස

හංසිකා මට ඕක කිවම මට යකාගේ උපරිමේටම ආවා... මං ලග පවිත්රගේ නම්බර් එක තිබුනේ නෑ මං එයාගේ යාලුවෙකුත් කතා කරලා කිව "අපේ ඉස්කෝලේ කොල්ලෝ දම්මල මගේ කෙල්ලට ගස්සවන්න ඒකි මහා රැජිනද? ඕකිට මගේ ඇස 2 ට පෙන්න එන්න එපා උස්සලා පොළොවේ ගහනවා" කියල මං ඒ කෙල්ලට කිවා. කොහොම හරි 2007 අගෝස්තු නිවාඩුවත් ආවා.. දැන් හැමදාම උදේට ක්ලාස් යන්නෙයි හවසට බස් ඒකෙ එන්නෙයි අපි දෙන්නම එකට... බස් එකෙන් බැහැල එයාලගේ ගෙවල් ලගට එනකල්ම අපි 2 කතා කර කර එන්නේ... ඕක තමා අපි ජීවිතේ කරපු ලොකුම මෝඩකම..

ඔය අතරේ එය හන්ගගන හිටපු ෆෝන් එක අම්මට අහු උනා.. ඒක යාලුවෙක්ගෙ කියල අම්මව ශේප් කරලා එයා ෆෝන් එක මට ගෙනත් දුන්න මං එක විකුණලා වෙන ෆෝන් එකක් එයාට අරන් දුන්නා..අලුත් ෆෝන් එකත් සතියක් විතර පාවිච්චි කළා... එයා ලග ෆෝන් එක තියනවා දැකල අම්මා ඒක ගත්තා.. මේ දවස වලම තමා මෙයාලගේ මාමා රට ඉඳල නිවාඩුවකට ඇවිත් මෙයාලගේ ගෙදර නැවතිලා හිටියේ,, ඒ දවස වල මෙයාලගේ ගෙදර පේන්ට් කරනවා, බදු ගෙන්න ටවුමට යන්නේ මාමා ත්‍රීවීල් එකෙ, ඔය යන අතරේ ඩ්‍රයිවර් කාරය මාමා එක්ක කියල හංසිකා හැමදාම කොල්ලෙක් එක්ක කතා කර කර එනවා.. උත් එක්ක යාලු වෙළද කොහෙද ඉන්නේ කියල. මේක මාමා ගෙදර ගිහින් අම්මට කිව, ෆෝන් එකත් අහු උන.. හන්සිකගේ අම්මා මේක තාත්තටත් කිවා..
18 කොටස

තාත්තා කොළඹ ඉඳල ගෙදර ආවා.. එනකොට වේවැල්දෙනියෙන් තඩි වේවලකුත් අරගන  එදා දවල් ක්ලාස් එකේදී හම්බුනාම මං පුළුවන් තරම් හිත හදල, මොන දේ වුනත් මං එයාට ඉන්නවා කියල ගෙදර යැවුවේ.. ඒත් ගෙදර ගියාට මට හිතට නිදහසක් නෑ.. රෑ 7 ට විතර එයාගේ අම්මයි, තාත්තයි, මාමයි අපේ ගෙදර ආවා.. හංසිගේ අම්ම කලින් මේ සිද්දි ඔක්කොම අපේ අම්මට කියල තිබිල තියෙන්නේ. අපේ අම්ම එයාගේ තාත්තගේ හැටි දන්නා නිසා පුළුවන් තරම් ශේප් වෙන විදියට කතා කරලා ආපහු යැවුවා. අම්ම මටත් බැන්න ඒත් මගේ හිත තිබුනේ එය ලග.. ඊලගට මොනවා වෙයිද කියන බයෙන් මං හිටියේ..

එදා ගෙදර ගියාට පස්සේ මෙයාගේ ෆෝන් එකෙන් යවපු, එවපු මැසේජ් ඔක්කොම තාත්ත බලල ආයි යකා නැගලා.. මෙයා කාමරේ පුටුවේ වාදී වෙලා ඉන්නකොට පුටුව ඇදල අරගන අර තඩි වේවැලින් ගහගහන ගහගන ගිහින්. මෙයා බිම වැටුනම ගහන ඒක නවත්තල නෑ වේවැලින් ගහන අතරේ පයිනුත් ගහල!! අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..


18 කොටස

තාත්තා කොළඹ ඉඳල ගෙදර ආවා.. එනකොට වේවැල්දෙනියෙන් තඩි වේවලකුත් අරගන  එදා දවල් ක්ලාස් එකේදී හම්බුනාම මං පුළුවන් තරම් හිත හදල, මොන දේ වුනත් මං එයාට ඉන්නවා කියල ගෙදර යැවුවේ.. ඒත් ගෙදර ගියාට මට හිතට නිදහසක් නෑ.. රෑ 7 ට විතර එයාගේ අම්මයි, තාත්තයි, මාමයි අපේ ගෙදර ආවා.. හංසිගේ අම්ම කලින් මේ සිද්දි ඔක්කොම අපේ අම්මට කියල තිබිල තියෙන්නේ. අපේ අම්ම එයාගේ තාත්තගේ හැටි දන්නා නිසා පුළුවන් තරම් ශේප් වෙන විදියට කතා කරලා ආපහු යැවුවා. අම්ම මටත් බැන්න ඒත් මගේ හිත තිබුනේ එය ලග.. ඊලගට මොනවා වෙයිද කියන බයෙන් මං හිටියේ..

එදා ගෙදර ගියාට පස්සේ මෙයාගේ ෆෝන් එකෙන් යවපු, එවපු මැසේජ් ඔක්කොම තාත්ත බලල ආයි යකා නැගලා.. මෙයා කාමරේ පුටුවේ වාදී වෙලා ඉන්නකොට පුටුව ඇදල අරගන අර තඩි වේවැලින් ගහගහන ගහගන ගිහින්. මෙයා බිම වැටුනම ගහන ඒක නවත්තල නෑ වේවැලින් ගහන අතරේ පයිනුත් ගහල!! අම්මටවත්, මාමාටවත් බේරගන්න බැරි වෙලා කොහොම හරි මෙයාට පියවි සිහිය නැති වෙනකල්ම තාත්තාගෙන් ගුටි කෑවා..
20 කොටස

මං ඕක ගෙදර ගිහින් අම්මා එක්ක කිවා.. එට පස්සේ හවස අම්ම ගිහින් එයාගේ තාත්ත එක්ක කතා කරලා ඔහොම ගෑනු ළමයෙක්ට ගහන්න එපා වැරදි තැනකට වැදුනොත් කියල ශේප් කරලා අපේ අම්ම යනකොටත් හන්සිකාව කුස්සියේ දොර ලග දැනගස්සල තියල තියෙන්නේ..

මෙයාගේ තාත්තට ඕන වෙලා තියෙන්නේ මෙයාගේ කටින් මාව අමතක කරනවා කියන වචනේ ගන්න. මෙයත් තියන තරහට "මට ගහල මැරුවත් චතුරංග අමතක කරන්නෑ" කියලම කියනවලු.. පස්සේ කිවලු හරි අමතක කරන්නම් කියල.. අදටත් මං එයාට කියන්නේ ඔය ජීවිතේ ගත්ත බුද්දීමත්ම තීරණේ ඒක කියල...

පහුවෙනිදා මෙයාගේ තාත්තා කොළඹ යන්න ඇඳගන ගේ එහාපැත්තෙ තියන වින්කලේට ගියාලු බයික් එකට හුලන් ගහගන්න.. ඒ වින්කලේ මිනිහයි, ගෑනියි දෙන්නම ඕපාදුප මලු.. මුන් අර කොළඹ යන්න ඉන්න මිනිහගේ ඔලුව තව අවුල් කරලා ඒක ඒක ඒවා කියල.. මේ යකා ආයි ගෙදර ඇවිත් මෙයාගේ අම්මට ගැහුවලු "උඹ තමා මේ ඔක්කොටම උදවු කලේ" කියල. ඒ දවස්වල පොත් ඉල්ලගන්න මං මෙයාලගේ ගෙදර යනවා.. ඒ යනවා දැකපුවා අරුන් කියන්න ඇති.. 


21 කොටස


ඔය හැලහැප්පීම් ඔක්කොම මැද අපි 2008 වසරටත් ආව... අපි දෙන්නම ගෙවල් 2 ට කිවා අපි අතර සම්බන්දතාවයක් නෑ කියල. පාරේදී හම්බුනාමත් අපි මුනවත් නොබලා අහක බලාගන ගියේ, මේ සිද්දියෙන් පස්සේ අපේ අම්මල අතර තිබුන යාලුකමත් අඩුවුණා.

හංසි පුළුවන් වෙලාවට මට කෝල් කරනවා ගෙදර ෆෝන් ඒකෙන. මං යන සියළුව ක්ලාස් වලින් එයාව අයින් කළා, ක්ලාස් වල ටික්කන්ට, සර්ලට මෙයාගේ තාත්තා මේ කතාව කියල කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න දෙන්න එපා කිවා. ටික්කන්ගේ ෆෝන් වලට රිලෝඩ් දාල හැමදාම මෙයා ක්ලාස් ආව වෙලාව ගිය වෙලාව කියන්න කිවා. ක්ලාස් වල සර්ලගෙන් ඇහුව ක්ලාස් කට් කලාද කියල. ඔයේ වගේ දේවල් ගොඩක් උනා. එයා හැමදාම උදේට ගෙදරින් ඉස්කෝලේ යනකොට බෑග් එක අම්ම බලනවා, බස් එකේ යන්න විතරයි සල්ලි දෙන්නේ වැඩිපුර දුන්නොත් ඉස්කෝලෙ ෆෝන් එකෙන් ගනියි කියල.

පස්සේ මං තව ෆෝන් එකක් අරන් දුන්නා ජනවාරි මාසේ. ඒක හැමදාම උදේට මං එයාගේ ඉස්කෝලේ කාට හරි දෙනවා එයාට දෙන්න කියල. හවසට මං ගිහින් ඒක ආයි ගන්නවා.. රෑට කරන්නේ පරණ පොත් අරගන හිතේ තියන දේවල් ලියනවා, හන්සිකත් එහෙම ලියනවා. කොහොමත් දවසකට පිටු 40 ත 60 ත් අතර පිටුගානක්‌ අපි ලියනවා. ෆෝන් එක දෙනකොට උදේට මං ඒ පොත් දෙනවා එයාට දෙන්න. හවසට ෆෝන් එක ගන්නකොට එයා ලියපු පොත යාලුවෙක් අතේ ෆෝන් එකත එක්ක මට එවනවා..

22 කොටස


මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..

ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..


පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,

24 කොටස

අපි ඔය අතර රිවිෂන් ක්ලාස් යන්නත් පටන් ගත්තා.. 2008 දෙසැම්බර් රිසල්ට් ආවට එච්චර සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපල අපිට තිබුනේ නෑ.. මේ වෙනකොට ගෙවල් 2 න් ම හිතන් හිටියේ අපි අතර කිසි සම්බන්දයක් නෑ කියල..

සාමාන්‍යයෙන් ආදරය කරපු ඕන කෙනෙක් දන්නවා ආදරය කරනවා කියන්නේ ෆෝන් එකෙන් කතා කරන එකම නෙමේ.. ආදරයකරන අය ආසයි අනිත් කෙනා එක්ක අත්වැල් බැඳගන පාරවල් දිගේ ඇවිදින්න, ෆිල්ම් එකක් බලන්න යන්න, චුට්ටක් ආදරෙන් ඇස් 2 දිහා බලන් ඉන්න, කිස් එකක් දෙන්න.. ඒත් අපිට ඒ වාසනාව තිබුනේ නෑ. අපි දෙන්නම එක ගෙවල් ලග කට්ටිය කුරුණෑගල ටවුමට බොහොම ලගින ජීවත් වෙන්නේ ඒ නිසා අපි ටවුමට ගියොත් අඳුරන අය ඕන තරම් හම්බෙනවා.. ඒ නිසා අපි අපේ හැගීම් හිරකරගන හිටියා..

ඒ දවස්වල මං ක්ලාස් ගියේ මේට් 50 බයික් එකක.. ක්ලාස් එක ලග තැනකින් බයික් එක දාල මං ක්ලාස් ගියේ. කොල්ලෙක් උනාම කෙල්ලෙක්ව ඔය වගේ බයික් එකක දාගන යන්න බෑනේ.. ඒත් අපි ඒ බයික් එකෙත් පොඩි පොඩි රවුම් ගිහින් තියනවා.. වෙන කෙල්ලෝ නම් ඒ වගේ බයික් එකකට නගින්නේවත් නෑ.. ඒත් මගේ හංසි එහෙම නෑ.. එයා හැමදාම කිවේ අපි අපිට පුළුවන්, තියන විදියට හැම දෙයක්ම කරගමු කියල..

උඹල හිතනවා ඇති අපි 3G ෆෝන් ගත්ත නම් මුණ බලාගන කතා කරනවනේ කියල.. ඒත් මං කියන්න ලජ්ජා නෑ අපිට එහෙම කරන්න සල්ලි තිබ්බේ නෑ.. මොකද අපි 2 ෆෝන් වලට දාන්න සල්ලි හොයාගත්තේ ක්ලාස් ෆීස් වලින් මාටියා ගහගන්න පොඩි ගානකුයි, අපිට ඉන්ටවල් ඒකට කන්න දෙන සල්ලි වලිනුයි.. ෆෝන් ඒකට දාන්න සල්ලි ඉතුරු කරගන්න ඉන්ටවල් ඒකට අපි 2 නොකා හිටපු වෙලාවල් ඕන තරම් තිබුනා..

25 කොටස

සල්ලි ඉතුරු කරන්න අපි ඒ දවස් වල මාර විදියට මහන්සි වුනේ.. එච්චර කලේ අපේ කටහඬ එක විනාඩියක් වැඩිපුර අහන්න ඕන නිසා.. මට මගේ කෙල්ල ගැන ගොඩාක් ආඩම්බර වගේම දුක හිතුන අවස්ථාවක් තිබ්බා, මොන දේ අමතක වුනත් මට ඒක නම් අමතක වෙන්නේ නෑ..

දවසක් මගේ පුද්ගලික ප්‍රශ්නෙකට මට රුපියල් 500 ක ඕන වුනා.. මට ඒක හොයාගන්න කිසිම විදියක් තිබ්බේ නෑ.. අපි 2 ගෙන් කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් දුකක් දැනුන ගමන් අනිත් කෙනාට ඒක දැනෙනවා.. ඒ නිසා හංසි මගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියල මං නොකිය ඉන්නකොට මට සැර කරලම ඇහුව ප්‍රශ්නේ මොකක්ද කියල.. මට ටිකක් ඇත්නම් තරහ ගියාට හන්සිට එහෙම නෑ එයාට තරහ යන්නේ ඉවසල බැරිම තැන.. ඊට පස්සේ මං සිද්දිය කිව ගමන් මෙයා පහුවෙනිදා මට ඒ සල්ලි දුන්නා..සල්ලි කොහෙන්ද අහපුවම කිවේ ඉතුරු කරපුව කියල.. ටික දවසක් යද්දී තේරුණා මට මෙයා ක්ලාස් එකක් එක එක ලෙඩ කිය කියා මග අරිනවා.. පස්සේ මාත් ටිකක් සැර කරලා ඇහුවම ක්ලාස් යන්නේ නැත්තේ ඇයි කියල මෙයා කිවේ එදා මට සල්ලි දුන්නේ ක්ලාස් ඒකට දෙන්න තිබුන ෆීස් කියල.. 

මට ඒ වෙලාවේ දනුන්න හැගීම වචන වලින් කියල නිම කරන්න බෑ..
අවසන් කොටසට කලින් එක.

ඔහොම කාලය හෙමින් ගතවෙලා ගියා.. 2009 උසස් පෙළත් ලං වුනා.. එක්සැම් එකට මාස 3 කට කලින් අපේ තාත්තා ලංකාවට අපු වෙලේ මට අලුත් බයික් එකක් අරන් දුන්නා. එක්සැම් ඉවර වුනාට පස්සේ මං පොඩි පොඩි ජොබ් කට්ටවල් ටිකකුත් කළා.. ඒත් එක්කම අපි 2 English & Computer Science ඩිප්ලෝම කළා ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකේ අවසන් එක්සැම් එකෙන් පන්තියේ 2 හන්සිකත්, මං 3 වෙනියත් වුනා.. උසස්පෙළ රිසල්ට් අපි දෙන්නගෙම සාමාන්යෙන් හොදට තිබුනා.. ඒ අතර මට දුරකථන සමාගමක් හොද වැටුපක් එක්ක රස්සාවක් හම්බුනා. හන්සිට ගෙදරින් කිව 3 පාරත් එක්සැම් කරන්න කියල.. එයා ඒකත් කළා. හොඳ ප්‍රතිපල තිබුනත් විශ්වවිද්‍යාලෙ යන්න ලොකු ආසාවක් එයාට තිබුනේ නෑ..

ඒ වුනත් මේ කාලේ අනුව උපාදියක් කියනදේ අත්‍යවශ්‍ය දෙයක්.. ඒ නිසා බාහිර උපාදියක් හදාරන්න බලාපොරොත්තු වෙන අතර මගේ පුර්ණ ආශීර්වාදය ඇතුව කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් (SI) විදිහට පොලිස් සේවයට එකතු වෙන්න අයදුම්පත් යොමු කරලා හංසි බලාපොරොත්තුවෙන් ඉන්නවා..

මේ අතරම හංසිගේ අම්මට අපි ගැන තේරුණා, එයා ඒ කාලේ ඉඳලම තේරුම අරන් තිබ්බ කොච්චර නෑ කිවත් අපි 2 වෙන් වෙන දෙන්නෙක් නෙමේ කියල.. ඒ නිසා එයාගේ අම්ම මං ගැන දැන් දන්නවා. ඒත් තාත්තට කිවේ නෑ.. අපේ ගෙදරින් නම් තාම මේ මුකුත් දන්නේ නෑ...
මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...

මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..

අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..

තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..

කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..

ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..

සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..




සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

Story Continues & but it will never ends..

Me love story eka elakiri eke ape bro kenekge 
eyage post ekak 
eyage elakiri ID-
                                                     genius89

1 comment: